Wednesday, June 10, 2015

ආදරේ නම්

ඇසට පෙනෙනා සොඳුරු දසුනන් තෙවැනි ඇසකින් රකිනු හැකිනම්
ඔබට කියනා හදෙහි හැගුමන් කියනු අයුරින් ඇසෙනු ඇතිනම්
සිතට දැනෙනා මෙවැනි හැඟුමන් හදෙහි නුඹගෙත් දැනෙනු ඇතිනම්
කුමට දැවෙනා රුදුරු කියුමන් නෙතෙහි කඳුළැල් දකිනු හැකිනම්

No comments:

Post a Comment