ආයමත් දැකගන්න
හිතයි දුවගෙන එන්න
හිතට බැහැ ඉඩ දෙන්න
තවත් කරදර දෙන්න
නුඹෙන් තව විමසන්න
තියෙන පැනයන් ගොන්න
හිතෙහි තදකර ඉන්න
හැකියි නුඹ වෙනුවෙන්ම
නොහැක ඇස් පියවන්න
මැවෙයි මතකය ගොන්න
ඉවරයක් නැති වෙන්න
වැටෙයි දෙනෙතේ පින්න
නුඹෙන් ඈතට යන්න
කියයි නුඹ දිරිගන්න
හැකියි නම් සැනසෙන්න
නොයෙන්නම යමි යන්න
No comments:
Post a Comment