Monday, November 9, 2015

පළඟැටියෝ

පළඟැටියො නුඹ
දුටුවෙ නොමැතිද
දහස් ගණනින් දැවී යනවග
පහන් දැල්ලට

දුරට දුටුවිට
පිනවුවද ඇස
ළගට යා නොහැකි බව
පහන් දැල්ලක

දැවී අළුවී
වැටී තිබුනේ
නුඹේ අළු පමණක්ම නොව
හදකි පෙම්බර

Sunday, November 1, 2015

මම නුඹේ නොව

අතීතයේ එක දවසක
පිරුන කඳුළැල් දෑසක
සොය සොයා සිත වෙහෙසුව
රුව නුඹේ දුර ඈතක

සෙමි සෙමින් සිත සනසන
සෙනෙහසක් තව ඉතිරිව
හදවතේ එක ගැඹුරක
පවතීවි හෙට දවසෙද

මම නුඹේ නොව අද දින
ඉඩකඩක් නැත ඉතිරිව
සෙනෙහසත් පිදුවෙමි මම
හදවතක් වෙත සැනසෙන

Friday, July 31, 2015

කුණාටුව

කුණාටුව නුඹ නොපෙනෙනා ලෙස හමා විත් යලි ගිහින් තිබුනා
එහෙත් විසිරවු කඳුළු නටඹුන් අතර මාවද විසිව තිබුනා
නුඹට නොපෙනෙන මටම දැනෙනා මතකයන් ඒ අතර තිබුනා
අහුල ගන්නට වෙර දරන විට එවැනි නටඹුන් තවත් බිඳුනා

හැමූ බවවත් ලොවේ කිසිවෙක් ඒ කුණාටුව නොදැක තිබුනා
විසිරි නටඹුන් අතර වැලපෙන මාද අරුමෙකි ඔවුන් සිතුවා
කුණාටුව නුඹ කොහේ හැමුවද නුඹේ මතකෙන් මැකී තිබුනා
මමම විතරය ලොවත්, නුඹ නැත ලොවම බොඳ වී බිඳී වැටුනා

හැමූ'යුරු නුඹ මැවී පෙනි පෙනි මගේ මතකයේ රැඳී තිබුනා
කරකවා විසි කෙරූමුත් මට හෙටක් ගැන මහ මෙරක් තිබුනා
බිඳුණු නටඹුන් එකතු කරමින් සිතේ මාලිග ලොවක් හැදුවා
කුණාටුව නුඹ නුඹට පෙම්බැඳි සිතට තවමත් වෙහෙස නැතුවා

Tuesday, July 21, 2015



හිතාගන්න බැරි විදියට හැම පැත්තෙන්ම හිත් රිදවීම් සිදු වෙනවා. මම දැනටමත් දරන්න බැරි දුකක හිර වෙලා ඉන්න බව
 අම්මටවත් තේරුම් ගන්න බැරි ඇයි කියල මට හිතාගන්න බෑ. හැමදාම මොකක්හරි දෙයකට මාත් එක්ක අමනාපෙන් තරහෙන් ඉන්නේ. හැමෝම මොනවහරි ඇහුවත් කඩා පනින්නේ ඇයි? ඇත්තටම මේ ජිවිතේ දැන් මට හොදටම එපා වෙලා තියෙන්නේ. තව කොච්චර දවසකට මට දරාගෙන ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.

Saturday, July 18, 2015

පන ඇති

නොසිතමි
සිතේ රඳමි
නොබලමි
බලා හිඳිමි

නොකියමි
ඇසෙයි සිතමි
නොහඬමි
හඬා වැටෙමි

නොම එමි
ලඟින් හිඳිමි
නොපතමි
සෙනේ පුරමි

Saturday, July 11, 2015

Hmmm. Bs!

කෙටිම කෙටි පණිවිඩය
කියපු හැම දේටම
ලැබී තිබුනා රැයේ මැද
නින්ද ගියෙ නෑ ආය මට


වචන දහකට වඩා දැනුන මට
කෙටිම කෙටි පණිවිඩය
නැති විටදී කිසිත් කියන්නට
එයයි ඔබෙ උත්තරය


දහසකුත් දේ කියන්නට
සිර වෙලා සිතේ යට
තිබෙන බව දැනුන විට
නික්ම යන්නේ කෙලෙස මම


කරන්නට කිසිත් නැති බව
නොවැටහෙනු නොවෙයි මට
අහන්නේ විටින් විට
රිදවන්න නොවෙයි ඔබ


සිරව ඇති දෙය සිතේ ඔබ
කිව මැනව නොසගවා මට
රිදවනු එපා මා විටින් විට
බිඳින්නට මගේ සිත


අහිමි බව දනිමි මම හෙට
සෙනෙහස ඔබේ මගෙ ලොව
මිතුරිය වුනේ ඔබහට
සෙනෙහස ලැබෙනු පෙර මට


නොකියනු හැකිද හදෙහි ඇති දෙය
මිතුරිය සමග එදා සිටි ළඟ
මතකය මකා දැමුවද
ප්‍රේමය ලගින් සිටි ඔබ


කිවුවත් දහක් එකටෙක
විඳවනු බැරිව හද දුක
මිය යන්නේ නෑ ප්‍රේමය
හදවත මරා දැමුවද


සමු ගන්නේ මා අදදින
සනසාලන්න ඔබෙ ලොව
සෙනෙහස පැතූ හදවත
එනමුත් හිඳී මග බලාගෙන

Thursday, July 9, 2015

හිතෙන්නෑ වත්ද මං ගැන

බලා සිටියා ඇස් රිදෙන තුරු
වලාකුළු අතර රුව මැවෙන තුරු
අසා සිටියා කන් වැහෙන තුරු
සුළඟේ ඔබේ හඬ ඇසෙන තුරු
හඬා වැටුනා හිස රිදෙන තුරු
නුඹට මගේ දුක දැනෙන තුරු

නිකමටවත් ආවේ නෑ මා බලන්නට
නෙතේ කඳුළු මකන්නට
කොහොමදවත් ඇහුවෙ නෑ මගෙන් කිසිම විට
හිතට සවි ලබන්නට
සිහිනේටවත් ආවේ නෑ හිස සිඹින්නට
හිතේ දුක නිවන්නට

ගලක් වෙලා වත්ද හිත?
නොදැනෙන්න මගේ දුක
පෙනෙන් නෑ වත්ද නෙත?
නොපෙනෙන්න කඳුළු නෙත
ඇසෙන් නෑ වත්ද කන?
නොඇසෙන්න හඬන හිත

ආදරේ නොකරන්න-කමක් නෑ ඒත් මට
නොකරන්න ගලක් හිත
නොපිසින්න කඳුළු නෙත-හඬන් නෑ ආය මම
එපා නොදකින ලෙස ඉන්න
හදන්නෙපා මගේ හිත-සනසන්න ඇගේ ලොව
එපා හිත මගෙ බිඳින්නට