Saturday, July 11, 2015

Hmmm. Bs!

කෙටිම කෙටි පණිවිඩය
කියපු හැම දේටම
ලැබී තිබුනා රැයේ මැද
නින්ද ගියෙ නෑ ආය මට


වචන දහකට වඩා දැනුන මට
කෙටිම කෙටි පණිවිඩය
නැති විටදී කිසිත් කියන්නට
එයයි ඔබෙ උත්තරය


දහසකුත් දේ කියන්නට
සිර වෙලා සිතේ යට
තිබෙන බව දැනුන විට
නික්ම යන්නේ කෙලෙස මම


කරන්නට කිසිත් නැති බව
නොවැටහෙනු නොවෙයි මට
අහන්නේ විටින් විට
රිදවන්න නොවෙයි ඔබ


සිරව ඇති දෙය සිතේ ඔබ
කිව මැනව නොසගවා මට
රිදවනු එපා මා විටින් විට
බිඳින්නට මගේ සිත


අහිමි බව දනිමි මම හෙට
සෙනෙහස ඔබේ මගෙ ලොව
මිතුරිය වුනේ ඔබහට
සෙනෙහස ලැබෙනු පෙර මට


නොකියනු හැකිද හදෙහි ඇති දෙය
මිතුරිය සමග එදා සිටි ළඟ
මතකය මකා දැමුවද
ප්‍රේමය ලගින් සිටි ඔබ


කිවුවත් දහක් එකටෙක
විඳවනු බැරිව හද දුක
මිය යන්නේ නෑ ප්‍රේමය
හදවත මරා දැමුවද


සමු ගන්නේ මා අදදින
සනසාලන්න ඔබෙ ලොව
සෙනෙහස පැතූ හදවත
එනමුත් හිඳී මග බලාගෙන

No comments:

Post a Comment