Friday, July 31, 2015

කුණාටුව

කුණාටුව නුඹ නොපෙනෙනා ලෙස හමා විත් යලි ගිහින් තිබුනා
එහෙත් විසිරවු කඳුළු නටඹුන් අතර මාවද විසිව තිබුනා
නුඹට නොපෙනෙන මටම දැනෙනා මතකයන් ඒ අතර තිබුනා
අහුල ගන්නට වෙර දරන විට එවැනි නටඹුන් තවත් බිඳුනා

හැමූ බවවත් ලොවේ කිසිවෙක් ඒ කුණාටුව නොදැක තිබුනා
විසිරි නටඹුන් අතර වැලපෙන මාද අරුමෙකි ඔවුන් සිතුවා
කුණාටුව නුඹ කොහේ හැමුවද නුඹේ මතකෙන් මැකී තිබුනා
මමම විතරය ලොවත්, නුඹ නැත ලොවම බොඳ වී බිඳී වැටුනා

හැමූ'යුරු නුඹ මැවී පෙනි පෙනි මගේ මතකයේ රැඳී තිබුනා
කරකවා විසි කෙරූමුත් මට හෙටක් ගැන මහ මෙරක් තිබුනා
බිඳුණු නටඹුන් එකතු කරමින් සිතේ මාලිග ලොවක් හැදුවා
කුණාටුව නුඹ නුඹට පෙම්බැඳි සිතට තවමත් වෙහෙස නැතුවා

No comments:

Post a Comment