Monday, November 9, 2015

පළඟැටියෝ

පළඟැටියො නුඹ
දුටුවෙ නොමැතිද
දහස් ගණනින් දැවී යනවග
පහන් දැල්ලට

දුරට දුටුවිට
පිනවුවද ඇස
ළගට යා නොහැකි බව
පහන් දැල්ලක

දැවී අළුවී
වැටී තිබුනේ
නුඹේ අළු පමණක්ම නොව
හදකි පෙම්බර

Sunday, November 1, 2015

මම නුඹේ නොව

අතීතයේ එක දවසක
පිරුන කඳුළැල් දෑසක
සොය සොයා සිත වෙහෙසුව
රුව නුඹේ දුර ඈතක

සෙමි සෙමින් සිත සනසන
සෙනෙහසක් තව ඉතිරිව
හදවතේ එක ගැඹුරක
පවතීවි හෙට දවසෙද

මම නුඹේ නොව අද දින
ඉඩකඩක් නැත ඉතිරිව
සෙනෙහසත් පිදුවෙමි මම
හදවතක් වෙත සැනසෙන

Friday, July 31, 2015

කුණාටුව

කුණාටුව නුඹ නොපෙනෙනා ලෙස හමා විත් යලි ගිහින් තිබුනා
එහෙත් විසිරවු කඳුළු නටඹුන් අතර මාවද විසිව තිබුනා
නුඹට නොපෙනෙන මටම දැනෙනා මතකයන් ඒ අතර තිබුනා
අහුල ගන්නට වෙර දරන විට එවැනි නටඹුන් තවත් බිඳුනා

හැමූ බවවත් ලොවේ කිසිවෙක් ඒ කුණාටුව නොදැක තිබුනා
විසිරි නටඹුන් අතර වැලපෙන මාද අරුමෙකි ඔවුන් සිතුවා
කුණාටුව නුඹ කොහේ හැමුවද නුඹේ මතකෙන් මැකී තිබුනා
මමම විතරය ලොවත්, නුඹ නැත ලොවම බොඳ වී බිඳී වැටුනා

හැමූ'යුරු නුඹ මැවී පෙනි පෙනි මගේ මතකයේ රැඳී තිබුනා
කරකවා විසි කෙරූමුත් මට හෙටක් ගැන මහ මෙරක් තිබුනා
බිඳුණු නටඹුන් එකතු කරමින් සිතේ මාලිග ලොවක් හැදුවා
කුණාටුව නුඹ නුඹට පෙම්බැඳි සිතට තවමත් වෙහෙස නැතුවා

Tuesday, July 21, 2015



හිතාගන්න බැරි විදියට හැම පැත්තෙන්ම හිත් රිදවීම් සිදු වෙනවා. මම දැනටමත් දරන්න බැරි දුකක හිර වෙලා ඉන්න බව
 අම්මටවත් තේරුම් ගන්න බැරි ඇයි කියල මට හිතාගන්න බෑ. හැමදාම මොකක්හරි දෙයකට මාත් එක්ක අමනාපෙන් තරහෙන් ඉන්නේ. හැමෝම මොනවහරි ඇහුවත් කඩා පනින්නේ ඇයි? ඇත්තටම මේ ජිවිතේ දැන් මට හොදටම එපා වෙලා තියෙන්නේ. තව කොච්චර දවසකට මට දරාගෙන ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ.

Saturday, July 18, 2015

පන ඇති

නොසිතමි
සිතේ රඳමි
නොබලමි
බලා හිඳිමි

නොකියමි
ඇසෙයි සිතමි
නොහඬමි
හඬා වැටෙමි

නොම එමි
ලඟින් හිඳිමි
නොපතමි
සෙනේ පුරමි

Saturday, July 11, 2015

Hmmm. Bs!

කෙටිම කෙටි පණිවිඩය
කියපු හැම දේටම
ලැබී තිබුනා රැයේ මැද
නින්ද ගියෙ නෑ ආය මට


වචන දහකට වඩා දැනුන මට
කෙටිම කෙටි පණිවිඩය
නැති විටදී කිසිත් කියන්නට
එයයි ඔබෙ උත්තරය


දහසකුත් දේ කියන්නට
සිර වෙලා සිතේ යට
තිබෙන බව දැනුන විට
නික්ම යන්නේ කෙලෙස මම


කරන්නට කිසිත් නැති බව
නොවැටහෙනු නොවෙයි මට
අහන්නේ විටින් විට
රිදවන්න නොවෙයි ඔබ


සිරව ඇති දෙය සිතේ ඔබ
කිව මැනව නොසගවා මට
රිදවනු එපා මා විටින් විට
බිඳින්නට මගේ සිත


අහිමි බව දනිමි මම හෙට
සෙනෙහස ඔබේ මගෙ ලොව
මිතුරිය වුනේ ඔබහට
සෙනෙහස ලැබෙනු පෙර මට


නොකියනු හැකිද හදෙහි ඇති දෙය
මිතුරිය සමග එදා සිටි ළඟ
මතකය මකා දැමුවද
ප්‍රේමය ලගින් සිටි ඔබ


කිවුවත් දහක් එකටෙක
විඳවනු බැරිව හද දුක
මිය යන්නේ නෑ ප්‍රේමය
හදවත මරා දැමුවද


සමු ගන්නේ මා අදදින
සනසාලන්න ඔබෙ ලොව
සෙනෙහස පැතූ හදවත
එනමුත් හිඳී මග බලාගෙන

Thursday, July 9, 2015

හිතෙන්නෑ වත්ද මං ගැන

බලා සිටියා ඇස් රිදෙන තුරු
වලාකුළු අතර රුව මැවෙන තුරු
අසා සිටියා කන් වැහෙන තුරු
සුළඟේ ඔබේ හඬ ඇසෙන තුරු
හඬා වැටුනා හිස රිදෙන තුරු
නුඹට මගේ දුක දැනෙන තුරු

නිකමටවත් ආවේ නෑ මා බලන්නට
නෙතේ කඳුළු මකන්නට
කොහොමදවත් ඇහුවෙ නෑ මගෙන් කිසිම විට
හිතට සවි ලබන්නට
සිහිනේටවත් ආවේ නෑ හිස සිඹින්නට
හිතේ දුක නිවන්නට

ගලක් වෙලා වත්ද හිත?
නොදැනෙන්න මගේ දුක
පෙනෙන් නෑ වත්ද නෙත?
නොපෙනෙන්න කඳුළු නෙත
ඇසෙන් නෑ වත්ද කන?
නොඇසෙන්න හඬන හිත

ආදරේ නොකරන්න-කමක් නෑ ඒත් මට
නොකරන්න ගලක් හිත
නොපිසින්න කඳුළු නෙත-හඬන් නෑ ආය මම
එපා නොදකින ලෙස ඉන්න
හදන්නෙපා මගේ හිත-සනසන්න ඇගේ ලොව
එපා හිත මගෙ බිඳින්නට

බලාපොරොත්තුව

ජීවත් වෙන්න තිබුන
එකම බලාපොරොත්තුව
ඔයා බව
කියන්නේ කොහොමද
ඔයාට මම
 බලාපොරොත්තුව අතහැර
ජිවත් වෙන්න කියනකොට
ඔයාම

ඔබේ රුව

මොහොතින් මොහොත
නෙතු වසා පැතිරෙන
ඔබේ රුව
දහවලට මගෙ සිහියද
රාත්‍රියට මගෙ නින්දද
රැගෙන යයි ඈතට

Saturday, July 4, 2015

දෙවියනේ පෙන්වනු මගක්

සිතට වාවනු නොහැකි දුක් කඳ - සිත මගේ ඇවිලවු තරම්
තවම අදහනු නොහැක ඔබ මම - හැරදමා ගොස් ඇති බවක්
නුඹව දැකගනු පිණිස මගෙ හිත - හඬන වැලපෙන හැටි තවත්
දිනක බැසයනු ඇතිය මේ දුක - රවටන්න බැහැ හිත හෙටත්

කරන කියනා හැම දෙයම අද - දුකම අවුලයි තව තවත්
සැනසුමක් පතනා තැනම - ඇමිණී තිබේ අලුතින් දුකක්
ජීවිතය හඳුනනු නොහැක මට - දුකම පමණද හිමි හෙටත්
හිතට ලංවූ කිසි කෙනෙක් නැත - අහිමි වී ගොස් ඇත ඔබත්

ඔබද දුක් විඳි බව දනිමි මම - කල හැකිව නැත කිසි දෙයක්
හිතට සැනසුම පමණි දිය හැකි - කෙලෙස කරමිද නොදනිතත්
ලඟින් හිඳුමද දුරස් වීමද - නොවැටහෙයි කල යුතු දෙයක්
සිත සිතා වැළපෙනු නොහැක මට - දෙවියනේ පෙන්වනු මගක්

Friday, June 26, 2015

හිරු මගේ මැලවී ගොසින්

හිරු මගේ මැලවී ගොසින්
එලිය නෑ එය පෙර ලෙසින්
දිවි මගේ කඳුළැල් මතින්
කවි හිතම ගොළු වී ගිහින්

සිනහ ගැන්වූ හැම නිතින්
දොරේ ගලනා කටහඬින්
හදවතම මගෙ රිදවමින්
වදන් දැන් රළු වී ගිහින්

හමු වන්න බෑ පෙර ලෙසින්
කටයුතුද බහුලව ගොසින්
ඉඳියි නම් හෙට සැනසුමින්
ඒත් මට කම් නෑ ඉතින්

Friday, June 12, 2015

හැකියි නම්

ආයමත් දැකගන්න
හිතයි දුවගෙන එන්න
හිතට බැහැ ඉඩ දෙන්න
තවත් කරදර දෙන්න

නුඹෙන් තව විමසන්න
තියෙන පැනයන් ගොන්න
හිතෙහි තදකර ඉන්න
හැකියි නුඹ වෙනුවෙන්ම

නොහැක ඇස් පියවන්න
මැවෙයි මතකය ගොන්න
ඉවරයක් නැති වෙන්න
වැටෙයි දෙනෙතේ පින්න

නුඹෙන් ඈතට යන්න
කියයි නුඹ දිරිගන්න
හැකියි නම් සැනසෙන්න
නොයෙන්නම යමි යන්න

Wednesday, June 10, 2015

ආදරේ නම්

ඇසට පෙනෙනා සොඳුරු දසුනන් තෙවැනි ඇසකින් රකිනු හැකිනම්
ඔබට කියනා හදෙහි හැගුමන් කියනු අයුරින් ඇසෙනු ඇතිනම්
සිතට දැනෙනා මෙවැනි හැඟුමන් හදෙහි නුඹගෙත් දැනෙනු ඇතිනම්
කුමට දැවෙනා රුදුරු කියුමන් නෙතෙහි කඳුළැල් දකිනු හැකිනම්

Sunday, May 31, 2015

ඇයි....?



දැන දැනත් නුඹ ඇගේ වන බව

තව තවත්  පෙම් කරමි නොනැවත

දැක දැකත් පෙම් කරන හැටි නුඹ

හඬ හඬත් තුරුළු වෙමි නුඹ වතට

Monday, May 18, 2015

හිත අහන්නෙම නෑ



නොයෙනා බවත් දැන දැන නිසැකවම
පියවර හඬකටත් හැරෙමින් බලන
මගේ දෙනෙත් වේවිද කවදා නතර...
දෝංකාර දී නිතරම ඇසෙන
ඔබේ කටහඬ හිනැහෙන දොඩන
දෙසවන් නෑසුනත් වේවිද නිහඬ...
 නොලැබෙන බවට ලැබුනත් ඇඟවුම් නිතර
මොහොතින් මොහොත අලුතෙන් ඇවිලෙන හදට
සෙනෙහස අහිමි බව අඟවනු කෙලෙස...